රටවල් අතර ගැටුම් නිර්මාණය කිරීම නතර කරන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටී
2023-04-11 19:52:57
Share with:

චීනයේ විදේශ ප්‍රතිපත්තිය හා ආරක්ෂක අංශවල වර්ධනය ජපානයට විශාලතම උපායමාර්ගික අභියෝගයක් බව ජපානය මෑතකදී නිකුත් කළ නිල් පත්‍රිකාවේ සඳහන් ‍විය. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(11) පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ ඊනියා “චීන තර්ජනය” ජපානය ප්‍රචාරය කිරීම, එරට අසාධාරණ ලෙස චීනයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමක් බවයි. චීනය ඊට දැඩි ලෙස විරෝධය පළ කරයි. මෙම වැරදි ක්‍රියාවන් යළි නිවැරදි කරන ලෙසත්, ප්‍රායෝගික වශයෙන් චීනය සමග ස්ථීර සබඳතාවයක් ගොඩනැංවීම ක්‍රියාවට නංවන ලෙසත් චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව Wang Wenbin මහතා අවධාරණය කළේය. 

 

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම