රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
2023-04-11 18:50:22
Share with:

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඒවා විකිණීම නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය ඒකාධිකාරීත්වය අවම කර ජනතාවට අවශ්‍ය සේවා කාර්යක්ෂමව ලබාදීමට මෙම ප්‍රතිව්‍යුහගත කිරීම මගින් හැකියාව ලැබෙන බව ද, ඉන්ධන සම්බන්ධ ප්‍රතිව්‍යුහගතකරණය වඩාත් ඵලදායී වනු ඇති බව ද හෙතෙම කියාසි‍ටියේය. පවතින ඒකාධිකාරය අවසන් කර ජනතාවට ප්‍රතිලාභ හිමි කර දීම සහ රජයට ද නිශ්චිත බදු ආදායමක් ලබා ගැනීමට මෙමගින් හැකි වනු ඇත.  එහෙයින් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යම් නිශ්චිත යහපත් පියවරක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම