අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සඳහා ආයුධ අපනයනය කිරීම නතර කළ යුතු බව චීනය පවසයි
2023-04-11 10:25:34
Share with:

සෙසු රටවල අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීම උදෙසා සිදු කරන අවි අපනයනය නතර කළ යුතු බව චීනය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය උප නියෝජිත Geng Shuang මහතා මේ බව සඳහන් කළේ ‘ අවි හා හමුදාමය උපකරණ අපනයන ගිවිසුම උල්ලංඝණයෙන් සිදුවන අවදානම් ’ පිළිබඳ විවෘත රැස්වීමට එක්වෙමිනි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ වාරික සභාපතීත්වය දරන රුසියාවේ ඉල්ලීම යටතේ මෙම රැස්වීම පැවැත්විණ.

සිය වගකීම් හා යුතුකම් සාක්ෂාත් කර වගකීම් සහගත අවි අපනයන ප්‍රතිපත්ති ක්‍රියාට නංවන ලෙස හමුදා බලය සහිත දැවැන්ත රටවල් ඇතුළු සෙසු රටවලින් චීනය ඉල්ලා සිටින බව Geng Shuang මහතා එහිදී සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම