රුසියාවේ NBD බැංකුව චීනයේ රෙන් මින්බි මුදල් හරහා අන්තර්ජාතික ගෙවීම් පද්ධතියට සම්බන්ධ වේ
2023-04-11 10:12:42
Share with:

රුසියාවේ NBD බැංකුව චීනයේ රෙන් මින්බි මුදල් හරහා අන්තර්ජාතික ගෙවීම් පද්ධතියක් වන  CIPSට සම්බන්ධ වී ඇති බව රුසියානු මාධ්‍ය ඊයේ(10) වාර්තා කළේය.

එම පද්ධතියට සම්බන්ධ වීමෙන් පසු, එම බැංකුවේ අන්තර්ජාතික රෙන් මින්බි මුදල් භාවිතයේදී චීනයේ සැකසුම් කාලය කෙටි වන අතර පියවීම වේගවත් වනු ඇතැයි අපේකෂා කෙරේ. එසේම රුසියානු-චීන වෙළඳ කටයුතුවල නියැලී සිටින ව්‍යාපාරිකයන්ට එම බැංකු විසින් සපයනු ලබන සේවාවන්හි ගුණාත්මකභාවය ද වැඩිදියුණු කරනු ඇත.

1992 දී පිහිටුවූ NBD බැංකුව ප්‍රධාන වශයෙන් කුඩා හා මධ්‍යම පරිමායේ ව්‍යවසායකයින්ට සේවා සපයන අතර මෙතක් රුසියාවේ ශාඛා 25 ක් පිහිටුවා තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම