නව සීමානිර්ණ කමිටු වාර්තාව අගමැතිට භාර දෙයි
2023-04-11 18:51:31
Share with:

නව සීමානිර්ණ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දී තිබේ. පළාත් පාලන ආයතනවල ඡන්ද ප්‍රමාණය හා සිතියම් පිළිබද තොරතුරු ඇතුළත් කරමින් නව සීමානිර්ණය වාර්තාව සකස් කර ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අටදහසකට වැඩි පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව නව සීමා නිර්ණය හරහා හාරදහස දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ(10) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. මැතිවරණය පිළිබඳ අප්‍රේල් මස 25 වන දිනට ප්‍රථම ස්ථිර ප්‍රකාශයක් සිදුකරන බව මැතිවරණ කොමිසම එහි දී සඳහන් කර තිබුණි. මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් අද(11) දිනයේ දී ද පැවැත්වෙන අතර මැතිවරණයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහි දී අවධානය යොමුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම