ලෝක බැංකුව 2023 ගෝලීය වර්ධන පුරෝකථනය 2% දක්වා ඉහළ නංවයි
2023-04-11 10:11:29
Share with:
2023 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සඳහා ලෝක බැංකුව සිය අනාවැකිය 2% දක්වා ඉහළ නංවා තිබේ.
ලෝක බැංකු අධිපති ඩේවිඩ් මැල්පාස් මහතා ඊයේ(10)කියා සිටියේ තම ආයතනය 2023හි ගෝලීය ආර්ථික වර්ධනය සඳහා වන පුරෝකථනය 2% දක්වා සුළු වශයෙන් ඉහළ නංවා ඇති බවයි. එය ජනවාරි මාසයේ පැවති පුරෝකථනය වූ 1.7% ට සාපේක්ෂව ය.
බැංකු ක්‍ෂේත්‍රයේ කැලඹීම සහ තෙල් මිල ඉහළ යාම මේ වසර අගදී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් නැවතත් වසර අවසානයේ ආර්ථික වර්ධනය සඳහා වන ඉදිරි දැක්මට පීඩනයක් ඇති කළ හැකි බවට ඩේවිඩ් මැල්පාස් මහතා අනතුරු ඇඟවීය.