ඉරාකය සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ස්ථාපිත වීමේ දී චීනයේ භූමිකාව පිළිබඳව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ප්‍රශංසාව පළ කරයි
2023-04-11 18:55:29
Share with:

ඉරාන විදේශ අමාත්‍යාංශය අද(11) පැවති මාධ්‍ය හමුවක දී, ඉරාන සහ සෞදි අරාබි නියෝජිතයින් යළි හුවමාරු සම්බන්ධතා පැවැත්වීම,  තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල නැවත විවෘත කිරීමට  සූදානම් වීම පිළිබඳ ප්‍රතිචාර දැක්වීය.

ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Nasser Kanaani මහතා එහිදී පෙන්වා දුන්නේ, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිල වශයෙන් යළි ආරම්භ කර ඇති බවයි. සෞදි අරාබි නියෝජිත පිරිස Tehran සහ Mashhad හි තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල නැවත විවෘත කිරීමට කටයුතු කරමින් සිටිති. ඊට අදාළ කටයුතු සඳහා ඉරාන නියෝජිත පිරිසක් ඉදිරි දිනයක දී සෞදි අරාබිය බලා පිටත්ව යාමට ද නියමිතයි.

ඉරාකය සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ස්ථාපිත කිරීමට මැදිහත්වීමේ චීනයේ වැදගත් භූමිකාව පිළිබඳව, Nasser Kanaani මහතා ප්‍රශංසාව පළ කළේය. ඉරානය සහ සෞදි අරාබිය මෙවැනි වැදගත් ගිවිසුමකට එළඹුණේ, චීන රජයේ යහපත් චේතනාව, අධිෂ්ඨානය සහ ඉහළ ආගන්තුක සත්කාරය නිසා බව ද ඔහු සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම