චීන-ඇමරිකානු සම්බන්ධතා දුෂ්කර තත්ත්වයකට පත් කර ඇත්තේ ඇමරිකාව බව චීනය අවධාරණය කරයි
2023-04-11 20:15:49
Share with:

බැලූන සිද්ධියෙන් පසු චීනය දෙපාර්ශ්වයේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ හුවමාරු අත්හිටුවා ඇති බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා අද(11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී කියා සිටියේ චීන-ඇමරිකානු සම්බන්ධතා දුෂ්කර තත්ත්වයකට පත් කර ඇත්තේ චීනය නොව ඇමරිකාව බවයි. ඇමරිකාව චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම හා චීනයේ යහපතට හානි කිරීම වහාම නතර කළ යුතු ය. විශේෂයෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කළ යුතු බව ප්‍රකාශ කරමින් ඇමරිකාව එම සබඳතා යළි යළිත් පළුදු කිරීමේ ක්‍රියාකලාපය වෙනස් කළ යුතු බව වං වෙන් බින් මහතා අවධාරණය කළේ ය.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම