චීන ජනාධිපතිවරයා Guangdong පළාතේ නිරීක්ෂණ සංචාරයක
2023-04-11 16:14:58
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(10) Guangdong පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. හෙතෙම Zhanjiang නගරයට පැමිණ මුහුදු ජලය භාවිතයෙන් සිදු කරන ජලජ සත්ව අභිජනන ව්‍යාපෘතියේ දකුණු චීන පර්යන්තය, Jinniu දූපතේ කඩොලාන වනාන්තර  කලාපය,  Xuwen වරාය සහ Beibu බොක්ක ආශ්‍රිත Guangdong පළාතේ ජල සම්පත් වෙන් කිරීමේ ව්‍යාපෘතිය වෙන් වෙන් වශයෙන් නිරීක්ෂණය කළේය.

සමුද්‍ර ධීවර කර්මාන්තයන්හි දේශීය සංවර්ධනයේ වර්තමාන තත්ත්වය, ‍කඩොලාන වනාන්තර ආරක්ෂා කිරීම,  ප්‍රවාහන යටිතල පහසුකම්වල අන්තර් සම්බන්ධතා මට්ටම වැඩි දියුණු කිරීම, Guangdong පළාත හා Hainan පළා‍ත ඒකාබද්ධව සංවර්ධනය  කිරීම සහ ජල සම්පත් ප්‍රශස්ත ලෙස වෙන් කිරීම යන කරුණු පිළිබඳ මෙහි දී ෂී ජින් පිං මහතාගේ අවධානය යොමුව තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම