පළිබෝධ නාශක පාලන පනත සංශෝධනයට පියවර
2023-04-10 16:07:29
Share with:

පලිබෝධ නාශක පාලන පනත වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද  අමරවීර මහතා පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

මේ වන විට රට තුළ ව්‍යාජ හා ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල් නාශක අලෙවි කිරීමේ ජාවාරමක් පවතින හෙයින් මෙම පනත වහාම සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ

දැනට පවතින නීති යටතේ ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල්නාශක අලෙවි කිරීම මෙන්ම නීති විරෝධි ලෙස ආනයන නීති උල්ලංඝනය කරමින් ගෙන්වන පළිබෝධ නාශක හා වල් නාශක සම්බන්ධව ක්‍රියාත්මක වන නීති ප්‍රමාණවත් නොවන හෙයින් නව නීති පැනවීමට මේ හරහා පියවර ගැනේ.

මේ නිසා පළිබෝධ නාශක පාලන පනත සංශෝධනය කර නීති විරෝධී ලෙස කටයුතු කරන ජාවාරම්කරුවන්ට අවම වශයෙන් රුපියල් ලක්ෂ 15ක වන්දියක් හා අවූරුදු තුනක සිර දඩුවම් හෝ එම දඩුවම් දෙකම පනවන පරිදි නව වගන්ති ඇතුළත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම නීති විරෝධී ලෙස ක්‍රියා කරන අලෙවි නියෝජිතයින්ගේ බලපත්‍ර අහෝසි කරන ලෙස ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත. එමෙන්ම එවැනි ස්ථාන හදිසි වැටලීම්වලට ලක් කිරීමට පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මෙන්ම පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිලධාරි කණ්ඩායම් කිහිපයක ද යෙදවීමට තීරණය කළේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පලිබෝධ නාශක ආනයනකරුවන් හා බෙදාහරින්නන් සමග කළ සාකච්ඡාවේ දී පරිදි ගොවීන් වැඩි පිරිසක් භාවිතා කරන වල් නාශක කිහිපයක මිල අඩු කිරීමට ද එකඟත්වය පළ කර ඇත.

ගුවන් විදුලිය
20240510සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම