චීන තායිවාන ප්‍රදේශයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන ඇමරිකාවේ උත්සාහයන් සාමූහිකව පරාජය කළ යුතුයි- පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ
2023-04-10 15:25:11
Share with:

ලෝකයේ සාමකාමී පරිසරය විනාශ කිරීමට ඇතැම් බටහිර රටවල් දරන ප්‍රයත්න පරාජය කිරීමට සාමූහිකව ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා කියාසිටී. තිරසර සාමයක පැවැත්ම බටහිර ආධිපත්‍යය සඳහා සුබවාදී නොවන හෙයින් ඔවුන් යුද ගැටුම් සහ දේශපාලන අර්බුද නිර්මාණය කරමින් සිටින බව ද ඔහු පෙන්වාදෙයි.

1991 වර්ෂයේ සෝවියට් දේශය බිඳවැටීමත් සමග ලෝකය ගමන් මඟ ඒකධ්‍රැවීය ප්‍රවේශයකට යොමුවිය. එතැන් සිට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ලෝකයේ ආධිපත්‍යය පැතිරවීමට උත්සාහ දැරීය. ඉන් දශකයක් ගතවීමටත් ප්‍රථම චීනය, රුසියාව ප්‍රමුඛ ආසියානු රටවල් මෙන්ම මැදපෙරදිග රටවල් ද ආර්ථික බලවතුන් ලෙස ශක්තිමත් වීම කැපීපෙනේ. එය පාලනය කිරීම බටහිර පාර්ශ්වයන්ගේ ප්‍රධාන අභිප්‍රායක් වී ඇත. මේ නිසා ජාත්‍යන්තර සංවිධාන යොදාගනිමින් සිය අරමුණු මුදුන් පමුණුවා ගැනීමට විවිධ උපායමාර්ග ක්‍රියාවට නංවන බටහිර රටවල්, වෙනත් රටවල සංවර්ධනයට බාධා පමුණුවමින් සිටී. එහෙත්, ඒ සියලු ප්‍රයත්න ව්‍යර්ථ වී වර්තමානය වනවිට ලොව ප්‍රධානම සංවර්ධිත කලාපය බවට ආසියාව පත් ව ඇති බව ද මන්ත්‍රීවරයා කියාසිටී.

ලෝක සාමයේ පැවැත්ම තම අරමුණුවලට නොගැලපෙන බැවින් විවිධ රටවල දේශපාලන අර්බුද සහ ගැටුම් නිර්මාණය කරන ඇමරිකාවේ ක්‍රියාකලාපය ඉරාකය, ඉරානය හා ඇෆ්ගනිස්ථානය යන රටවල් මුහුණ පෑ සිදුවීම්වලින් මනාව පැහැදිලි වෙයි. බලහත්කාරයෙන් එම රටවලට ඇතුළු වූ ඔවුහු දරුණු ගැටුම් සහ දීර්ඝකාලීන අර්බුද ඇති කළහ. මේ තත්ත්වයේ අලුත්ම ගොදුර බවට පත්ව ඇත්තේ චීන තායිවාන ප්‍රදේශය යි. චීන තායිවාන ප්‍රදේශයේ පවතින නව ආර්ථික දේශපාලන ආකෘතිය විනාශ කරමින් චීනයට බලපෑම් කිරීම ඔවුන්ගේ අරමුණයි. බටහිර රටවල මෙවැනි උපක්‍රම හමුවේ සියලු පාර්ශ්ව ඉතා වගකීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. මේ නිසා ලෝක සාමය කඩකෙරෙන ප්‍රයත්න පරාජය කිරීමට සාමූහිකව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම