බංග්ලාදේශ විදේශ විනිමය සංචිතයේ වාර්තාගත පහළ වැටීමක්
2023-04-10 10:48:22
Share with:

බංග්ලාදේශයේ විදේශ විනිමය සංචිත වාර්තාගත අයුරින් පහත වැටෙයි. මාර්තු මාසය අග වන විට එය ඇමරිකානු ඩොලර් බිලියන 31.14 දක්වා ළඟා වූ අතර, එය 2016 වසරේ දෙසැම්බර් මාසයේ සිට මෙතෙක් වාර්තා වූ පහළම අගය වන බව එරට නවතම මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
2016 දෙසැම්බර් මාසය වනවිට එරට විදේශ විනිමය සංචිතය ප්‍රථම වරට ඩොලර් බිලියන 32 සීමාව ඉක්මවා ගියේය. එතැන් සිට වසර 6ක් තුළ එම සංචිතයේ වාර්තා වූ අඩුම මට්ටම මෙය බව බංග්ලාදේශ මහ බැංකුවේ විදේශ විනිමය සංචිත සහ භාණ්ඩාගාර කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ඊයේ (09) ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වාදෙන්නේ, ලොව පුරා භාණ්ඩ වෙළඳපොළවල් වෙත දැඩි පීඩනයක් එල්ල කළ යුක්රේන අර්බුදය හේතුවෙන් ඉහළ යන ආනයන වියදම් මීට බලපා ඇති බවයි.