චීන තායිවාන දූපත අවට යුධ අභ්‍යාස සිදු කිරීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් විශේෂ ප්‍රකාශයක්
2023-04-10 18:59:18
Share with:

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(10) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ මෙවර චීන තායිවාන දූපත අවට සිදු කළ සජීව යුධ අභ්‍යාසය, තායිවාන බෙදුම්වාදීන් හා විදේශ රටවල බලවේග සිදු කළ ප්‍රකෝපකාරී ක්‍රියාවට එරෙහි බරපතල අනතුරු ඇඟවීමක් බවයි. එමෙන්ම එය ජාතික ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය ක්‍රියාවක් ද වේ.

චීන තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අදාළ වන්නකි. ජගත් ප්‍රජාව චීන තායිවාන ප්‍රශ්නයේ ස්වභාවය පැහැදිලි ලෙස අවබෝධ කර ගනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය. අඛණ්ඩව, එකම චීනය ප්‍රතිපත්තිය කෙරෙහි දැඩිව අනුගතව සිටින අතර සියළු ආකාරයේ තායිවාන බෙදුම්වාදී ක්‍රියාවන්වලට එරෙහිව විරෝධය පළ කළ යුතු ය. තායිවාන බෙදුම්වාදීන් හා තායිවාන සමුද්‍ර සන්ධි කලාපයේ සාමය හා ස්ථාවරත්වය කිසිසේත් නොගැළපෙන බව ද Wang Wenbin මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම