විදේශීය ඉන්ධන සමාගම් තුනට අඩු මිලට ඉන්ධන විකිණීමට අවසර
2023-04-10 16:06:37
Share with:

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත විදෙස් ඉන්ධන සමාගම් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින ඉන්ධන මිල ගණන්වලට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවි කිරීමට රජය අවසර ලබා දී තිබේ.

චීනයේ සයිනොපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ අමෙරිකාවේ ආර්.එම්. පාක්ස් යන සමාගම් තුන සඳහා ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබා දී ඇති අතර ඊට අදාළ ගිවිසුම් ක්‍රියාවලිය මෙම මස අග දී අවසන් කිරීමට නියමිතය.

මෙම තීරණය හරහා තරඟකාරී වෙළෙඳපොළක් නිර්මාණය වීම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ඉල්ලුම අඩුවීම සහ රටේ ඉන්ධන අර්බුධයක් ඇතිවීමේ තත්ත්වයන් සමනය වනු ඇති බවට බලශක්ති අමාත්‍යංශය පුරෝකථනය කර තිබේ.

මේ වන විට ඉන්ධන ආනයනය සඳහා රජය මසකට ඩොලර් මිලියන 450ක පමණ වැය කරන අතර නව සමාගම් ත්‍රිත්වය හරහා මසකට ඩොලර් මිලියන 120 බැගින් ඉන්ධන ආනයනය කරනු ඇති බවට අපේක්ෂා කරන බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

ගිවිසුම් කාර්යයන් අවසන් වු පසු මෙම සමාගම්වලට ඉන්ධනහල් 150ක් ක්‍රියාත්මක කිරීමට අවසර හිමිවන අතර අනතුරුව ඉන්ධන පිරවුම්හල් 50 බැගින් විවෘත කර මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යාමට හැකිවනු ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථා ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම