චීනය අප්‍රිකානු රටවල“ණය උගුලේ”මූලාශ්‍රය නොවන බව චීනය අවධාරණය කරයි
2023-04-10 19:54:58
Share with:

අප්‍රිකාවේ ණය ගැටලුව පිළිබඳව මෑතකදී ඇමරිකාවේ හා ලෝක බැංකුවේ ඇතැම් නිලධාරීන් චීනයට එරෙහිව චෝදනා කර තිබේ. මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා අද (10) අදහස් දක්වමින් කියා සිටියේ චීනය අප්‍රිකානු රටවල“ණය උගුලේ”මූලාශ්‍රය නොවන බවයි. එමෙන්ම චීනය අප්‍රිකානු රටවල් “දරිද්‍රතා උගුලෙන්”මුදවා ගැනී‍මේ හවුල්කරුවෙකු බව ද ඔහු පැවසීය.

අප්‍රිකානු රටවල ණය ගැටලුව විසඳීම සඳහා ජී-20 කණ්ඩායම ඉදිරිපත් කළ ‍යෝජනාව ක්‍රියාවට නංවාලීමේ දී චීනය වැඩිම දායකත්වයක් ලබා දී ඇතැයි ඇමරිකානු Johns Hopkins විශ්වවිද්‍යාලයේ චීන-අප්‍රිකානු පර්යේෂණ ආයතනයේ නවතම පර්යේෂණ ප්‍රතිඵලයෙන් ද පෙන්නුම් කෙරේ. අප්‍රිකාවේ සියලු ණය අතරින් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බහුපාර්ශ්වික මූල්‍ය ආයතන හා වාණිජ ණය හිමියන්ට අදාළ වන්නේ හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් බව වං වෙන් බින් මහතා ලෝක බැංකුවේ සංඛ්‍යාලේඛන උපුටා ගනිමින් පෙන්වා දෙයි. එබැවින් අප්‍රිකාවේ ණය ගැටලුව විසඳීම සඳහා එම මූල්‍ය ආයතන හා වාණිජ ණය හිමියන් වැඩි වගකීමක් දැරිය යුතු බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම