තම රටට අනන්‍ය වූ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ සාර්ථකත්වය චීනය ලෝකයට සනාථ කර අවසන්
2023-04-10 10:32:34
Share with:

ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය විවිධ ස්වරූපයෙන් පවතී. මූලික ලෙස සෘජු ප්‍රජාතන්ත්‍රවාදය, වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ලෙස අර්ථ දැක්වුවත් වර්තමානයේ ලෝකයේ රටවල් තමන්ගේ රටට සහ මහජනතාවට ගැලපෙන, ඔවුන්ට වඩා යහපත් සහ සුභදායි මෙන්ම දේශපාලන ප්‍රවේශයට පැමිණ තීන්දු තීරණ ගැනීමට පහසු ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය සකස් කර ගන්නා අයුරු පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම චීනය සිය දේශීය තත්ත්වය පදනම් කර ගනිමින් තමන්ට ගැලපෙන ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධන මාර්ගයක් තෝරා ගැනීමේ අයිතිය ඕනෑම රටකට පවතින බව ඔප්පු කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා කියා සිටී.

ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ජනතාවට සැබෑ යහපතක් සිදු විය යුතුය යන්න එහි මූලික හරයයි. මේ වන විට චීනයට සීඝ්‍ර ආර්ථික වර්ධනයක් හා දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයක් පවත්වාගෙන යාමට හැකි වී තිබේ. විශේෂයෙන්ම චීනයේ මේ පවතින ලක්ෂණ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තත්ත්වයකි. ඒ නිසා චීනය යම් දේශපාලන මොඩලයක් ලෝකයට දායාද කර ඇත. එය මහා පරිමාණ රටවල් වලට පමණක් නොව, කුඩා පරිමාන ශ්‍රී ලංකාව වැනි රටවලටත් යම් ආදර්ශයක් ලබා ගත හැකි දේශපාලන ආකෘතියක් නොහොත් දේශපාලන මොඩලයක් බව මේ වන විට එහි සාර්ථකත්වය තුළින් චීනය ආදර්ශයෙන්ම පෙන්වා දී තිබෙන බව මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා කියා සිටී.

මෙම ප්‍රජාතන්ත්‍රවාදී මොඩලය විවිධ අය කෙසේ විවේචනය කළද චීනයේ සුබසාධනය සඳහා සහ තම රටේ දේශපාලන ස්ථාවරත්වය සඳහා මෙන්ම ආර්ථික ස්ථායීතාවය සහ සංවර්ධනය සඳහා ඉතා හොඳ මෙවලමක් බවට පරිවර්තනය වී ඇත. ඒ නිසා අස්ථාවර ආණ්ඩු පවත්වාගෙන යමින් රටවල් අස්ථාවර කරනවාට වඩා ඉතාමත් ස්ථාවරව තම දේශපාලන ගමන යෑම තුළින් එරට මහජනතාවට ඉතාමත් ඉහළ සුබසාධන මෙන්ම ඉහළ ආර්ථික සංවර්ධනයක් ලබා ගත හැකි බව මේ වන විට චීනය ඔප්පු කර තිබෙන බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා සඳහන් කළේය.   

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම