Houthi සන්නද්ධ කණ්ඩායම විසින් පාලනය කරන රූපවාහිනී නාලිකාවේ ඊයේ(9) වාර්තාවලට අනුව, සෞදි අරාබි නියෝජිත කණ්ඩායමක් සහ ඕමාන නිලධාරින් පිරිසක් Houthi සන්නද්ධ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සමග සාකච්ඡා කිරීම සඳහා යේමනයේ සානා නුවර වෙත පැමිණ ඇත. 2022 ඔක්තෝම්බර් මාසයේ දී අවසන් වූ සටන් විරාම ගිවිසුම යළි ඇති කර ගැනීම පිළිබඳව ඔවුන් සාකච්ඡා කළහ.
දීර්ඝ කාලයක සිට ඇණහිට ඇති යේමනයේ සාම ක්‍රියාවලිය මෑතක දී සුබවාදී ප්‍රවේශයකට යොමු විය. පසුගිය දා යේමන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සෞදි අරාබියේ Riyadh නුවර දී, සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කළහ. යේමනයේ සාමය සම්පූර්ණයෙන්ම ස්ථාපිත කිරීම සඳහා වන මාර්ග සිතියම පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇති අතර, Houthi සන්නද්ධ කණ්ඩායම ද ඇතුළත් සභාග රජයක් පිහිටුවීම සඳහා ගත හැකි විකල්ප විසඳුම් පිළිබඳව ද එහි දී සාකච්ඡා කර තිබේ.