දකුණු කොරියාවේ ඉහළ පෙළේ නිලධාරීන් ඇමරිකාවේ ඔත්තු බැලීම්වලට ලක්වූ බවට සැකයක්
2023-04-10 09:58:14
Share with:

දකුණු කොරියානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් ඇමරිකාවේ ඔත්තු බැලීම්වලට ලක්වෙතැයි සැක කෙරෙන බව මෑතක දී පිට වී ඇති ඇමරිකානු හමුදාවේ රහස් ලේඛනවලින් හෙළි වේ.

ඇමරිකානු The New York Times පුවත්පත ඊයේ (9) පළ කළ වාර්තාවට අනුව, පසුගිය දා සමාජ මාධ්‍යයන් රැසක පළ  වූ එම රහස් ලේඛනවල දකුණු කොරියානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් යුක්රේනයට ආයුධ සැපයුම් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව කළ සාකච්ඡාවන් හි කරුණු ඇතුළත් ය. අදාළ තොරතුරු ඇමරිකානු බුද්ධි අංශය සිදු කළ ඔත්තු බැලීම්වලින් ලබා ගත් බව ද එම වාර්තාවේ දැක්වේ. මේ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් දරුණු කොරියානු ජනාධිපති කාර්යාල නිලධාරියෙකු ඊයේ (09) ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කොරියාව ඇමරිකාව සමග සාකච්ඡා කරන බවයි.  

ඇමරිකාව “බුද්ධි සංඥා” අනුව දකුණු කොරියානු රජයේ අභ්‍යන්තර සාකච්ඡාව පිළිබඳ තොරතුරු ලබා ගත් බව The New York Times පුවත්පත් වාර්තාව පවසයි.  “බුද්ධි සංඥා” යනු,  බුද්ධි අංශ විසින් යොදාගැනෙන වෘත්තීය යෙදුමකි. කෙසේවෙතත් ඇමරිකාව කලක් තිස්සේ සිය ප්‍රධාන ආසියානු මිත්‍ර රටක් වන දකුණු කොරියාවේ ඔත්තු බැලීම්වල යෙදී සිටින බව මින් පිළිබිඹු වේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම