අපොස සාමාන්‍ය පෙළ විභාගය කල්යයි
2023-04-10 16:08:50
Share with:

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් ‍දමන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව මැයි මස 15 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ මැයි මස 29 වෙනිදා ආරම්භ වීමට නියමිතය. පසුගියදා පැවැති උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය මෙලෙස කල්දමා ඇත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් විසින් ලකුණු ලබාදීමේ පටිපාටිය සකස් කරන තෙක් ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට හැකියාවක් නොමැති බව බලධාරීන් පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම