ශ්‍රී ලංකා – ඉන්දීය නාවික අභ්‍යාසය සාර්ථකව අවසන්
2023-04-09 14:32:40
Share with:

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි.

බටහිර මුහුදු තීරයේ දී එම අභ්‍යාසය පැවැත්විණ.

ශ්‍රී ලංකා- ඉන්දීය නාවික හමුදාවන්ගේ සහයෝගිතාව හා අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමේ අරමුණෙන් වාර්ෂිකව මෙම නාවික අභ්‍යාසය පවත්වනු ලැබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සමුදුර හා විජයබාහු යන ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා මෙම අභ්‍යාසයට එක්කර තිබූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ඩෝනියර් සමුද්‍රීය ආවේක්ෂණ ගුවන් යානයක් හා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් ද එක්කර තිබිණ.

ඉන්දියාව නියෝජනය කරමින් එරට නාවික හමුදාවට අයත් අයිඑන්එස් කිල්ටාන් හා සාවිත්‍රි යන යුද නෞකා මෙන්ම සමුද්‍රීය ආවේක්ෂණ ගුවන් යානයක් හා කීටැක් වර්ගයේ හෙලිකොප්ටරයක් ද යොදාගැනිණ.

දෙරට නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම සදහා සංස්කෘතික හුවමාරු වැඩසටහන්, ක්‍රීඩා සහ යෝග අභ්‍යාස ඇතුළු වැඩසටහන් රැසක් ද මීට සමගාමීව සංවිධාන කරනු ලැබීය.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු ද නෞකා නිරීක්ෂණයට එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම