රුසියානු-යුක්රේන ගැටුමට ඇමරිකාවේ මැදිහත්වීම කියැවෙන රහස් ලියවිලි පිළිබඳ ගැඹුරු අවධානයක්
2023-04-09 15:39:57
Share with:

මෑතක දී පිට වී ඇති රහස් ලියවිලිවලින්, රුසියානු-යුක්රේන ගැටුමට ඇමරිකාවේ මැදිහත්වීම පෙර දැනසිටි තරමට වඩා බෙහෙවින් වැඩි බව අනාවරණය වෙයි.

ඇමරිකානු හමුදාවේ රහසිගත ලියවිලි කිහිපයක් මෑතකදී ට්විටර් සහ වෙනත් සමාජ මාධ්‍යවල පළ වූ බව එරට The New York Times පුවත්පත පසුගිය දා වාර්තා කර ඇත. යුක්රේන හමුදා ශක්තිය සහ අවි වින්‍යාසය, යුද පිටියේ සිතියම්, රුසියානු-යුක්රේන ගැටුමේ දී දෙපාර්ශ්වයට සිදුවූ හානි මෙන්ම "ඉතා රහසිගත" ලෙස සටහන් කර ඇති තොරතුරු පවා එම ලියවිලිවලට ඇතුළත් විය.

ඒ සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ප්‍රකාශයට පත්කළ අතර, යුක්රේන රජය හදිසි ඉහළ පෙළේ රැස්වීමක් පැවැත්වීය.

මෙම ලේඛන සත්‍ය නම්, ඇමරිකාව රුසියානු-යුක්‍රේන ගැටුමට සම්බන්ධ වී, යුක්රේනයට බුද්ධිමය අංශවලින් දක්වා ඇති සහාය මීට පෙර අනාවරණය වී තිබූ ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් වැඩි ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම