සෞදි අරාබි - ඉරාන තානාපති කාර්යාල හා කවුන්සලර් කාර්යාල යළි ස්ථාපනය කිරීමේ සූදානමක්
2023-04-09 15:38:54
Share with:

සෞදි අරාබියේ සහ ඉරානයේ විදේශ කටයුතු පිළිබඳ නිලධාරීහු තානාපති කාර්යාල හා කවුන්සලර් කාර්යාල යළි පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කරති.

සෞදි අරාබිය නියෝජනය කරන කාරක කණ්ඩායම ඊයේ (08) ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ළඟා වූ බව සෞදි අරාබි විදේශ අමාත්‍යංශය පවසයි. එම නිලධාරීන්, ඉරාන විදේශ අමාත්‍යාංශ නිලධාරීන් සමග දෙරට තානාපති කාර්යාල හා කවුන්සලර් කාර්යාල යළි ස්ථාපනය කිරීම පිළිබඳව සවිස්තරාත්මක ව සාකච්ඡා කර තිබේ.

ඉරානය සිය කණ්ඩායම පිළිගැනීම සම්බන්ධයෙන් සෞදි අරාබි පාර්ශ්වය ස්තුතිය පළ කළේ ය. සෞදි අරාබි නිලධාරීන්ට තම රටේ රාජකාරි කිරීම සඳහා උපරිමයෙන් පහසුකම් සපයන බව ද ඉරාන නිලධාරීහු අවධාරණය කළහ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම