චීනය, ප්‍රංශය සහ යුරෝපය පොදු භාෂාවක් බෙදාගන්නා තරමට, ලෝකය ඉහළ ස්ථාවරත්වයක් භුක්ති විඳිනු ඇත
2023-04-09 15:25:58
Share with:

"අපට එක්ව කළ හැකි දේ බොහෝ යි. ප්‍රංශ-චීන මිත්‍රත්වය දිගුකල් දිනේවා!" යනුවෙන් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා චීන, ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවෙන් සමාජ මාධ්‍ය වේදිකාවල සටහන් කරයි. ඔහු තම චීන සංචාරය නිමා කිරීමෙන් පසු  7වැනිදා මේ බව පවසා තිබේ.

ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත විශ්ලේෂකයෙකු උපුටා දක්වමින් කියා සිටියේ, එම්මානුවෙල් මැක්‍රොන්ගේ චීන සංචාරය "චීනය සමඟ ආර්ථික සහ වෙළඳ සහයෝගිතාව ශක්තිමත් කිරීම සහ යුක්රේන අර්බුදය විසඳීම යන කරුණු දෙකටම දිගුකාලීන සහ ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇති" බවයි.

මැක්‍රොන් මහතා බලයට පත්වීමෙන් පසු එක් වූ තුන්වන චීන සංචාරය මෙයයි. බෙයිජිං සහ Guangzhou නගරවල දී ප්‍රංශ ජනපති හමු වූ  චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, උසස් තත්ත්වයේ අදහස් ගැඹුරින් හුවමාරු කර ගෙන , අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කරගනිමින් චීනය සහ ප්‍රංශය අතර අනාගත සහයෝගිතාව සඳහා පැහැදිලි මඟපෙන්වීමක් කළේය. දෙපාර්ශ්වය විසින් ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කෙරිණ.  ්‍

දේශපාලන සංවාදය ශක්තිමත් කිරීම, ලෝක ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඒකාබද්ධව ප්‍රවර්ධනය, ආර්ථික හුවමාරු සහතික කිරීම, ජනතා හුවමාරු යළි ආරම්භ කිරීම සහ ගෝලීය අභියෝගවලට ඒකාබද්ධව ආමන්ත්‍රණය කිරීම ඇතුළු විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් චීන-ප්‍රංශ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය අත්විඳීම  එම ඒකාබද්ධ නිවේදනයේ අන්තර්ගත වෙයි.

චීන- ප්‍රංශ රාජ්‍ය නායකයන් අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵල අනුව නව යුගයේ දෙරට අතර සහයෝගිතා ක්ෂේත්‍ර රැසක් පවතී. යුක්රේන අර්බුදය ප්‍රංශයේ සහ යුරෝපයේ විදේශ සබඳතාවල හදවත බවට පත්ව ඇති අතර, එය දේශපාලන විසඳුමක් වෙත තල්ලු කිරීමේ හදිසි අවශ්‍යතාවක් පවතී.  

‍ යුක්රේන අර්බුදය විසඳීම සඳහා යුරෝපා රජයන්ට සහාය වී, ජාත්‍යන්තර මානව හිමිකම් නීති දැඩි ලෙස පිළිපැද, හැකි ඉක්මණින් රුසියානු -යුක්රේන සාම සාකච්ජා නැවත ආරම්භ කිරීමට චීනය යෝජනා කළේය. චීනය විසින් යෝජිත පියවර යුක්රේන අර්බුදයේ දේශපාලන විසඳුම පිළිබඳ චීන ස්ථාවරයේ මූලධර්මවලට අනුකූල වන අතර චීනය, ප්‍රංශය සහ යුරෝපා සංගමය සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ එකඟතාව තවදුරටත් තහවුරු කර ගෙන ඇති බව  ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

චීනය, ප්‍රංශය සහ යුරෝපය පොදු භාෂාවක් බෙදාගන්නා තරමට, ලෝකය ඉහළ ස්ථාවරත්වය සහ නිශ්චිතභාවය භුක්ති විඳිනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම