මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2023 වසන්ත ඍතු රැස්වීමට එක්වෙයි
2023-04-09 16:04:41
Share with:

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2023 වසන්ත ඍතු රැස්වීම සඳහා  සහභාගි වීමට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව යයි.

එම රැස්වීම වොෂින්ටන් හි දී හෙට (10) පැවැත්වෙයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, ණය තිරසරභාවය සහතික කිරීමේ දී මෙන්ම ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ දී ලද ප්‍රගතිය තවදුරටත් ඉහළ නැංවීම සඳහා  ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සහයෝගිතාව වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙම රැස්වීම ඊට මනා වේදිකාවක් වනු ඇතැයි ද ඔහු කියාසිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධීකරණය හා අදාළ වගකීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරයාට පවරා තිබේ. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ද මෙම වසන්ත ඍතු රැස්වීමට එක්වනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම