ප්‍රංශ ජනපති හා යුරෝපා කොමිසමේ සභාපතිනියගේ චීන සංචාර තුළින් චීන-යුරෝපා සංගම් සබඳතා නව මානයකට
2023-04-09 15:50:41
Share with:

පසුගිය 5–7 වැනිදා දක්වා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා සහ යුරෝපා කොමිසමේ සභාපතිනි  උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය චීනයේ නිල සංචාරයන්ට එක්වූහ. ප්‍රධාන යුරෝපා රටක රාජ්‍ය නායකයා සහ ප්‍රධාන යුරෝපා සංගම් ආයතනයක නායිකාව එකවර චීනයේ චාරිකා කිරීම, චීන-යුරෝපා හුවමාරු ඉතිහාසයේ සන්ධිස්ථානගත සිදුවීමකි.

ඒ සම්බන්ධයෙන් චීන සමාජ විද්‍යා ඇකඩමියේ යුරෝපා ආයතනයේ අධ්‍යක්ෂ Feng Zhongping මහතා කියා සිටියේ, මැක්‍රොන් මහතාගේ මෙවර චීන සංචාරය ඉතා සාර්ථක බවයි. සංචාරය අතරතුර, චීනය සහ ප්‍රංශය කෘෂිකර්මය, ආහාර සහ අභ්‍යවකාශය වැනි සාම්ප්‍රදායික ක්ෂේත්‍ර පමණක් නොව සේවා වෙළඳාම, හරිත සංවර්ධනය සහ තාක්ෂණික නවෝත්පාදන වැනි නව ක්ෂේත්‍ර ද ඇතුළත් වැදගත් සහයෝගිතා ගිවිසුම් මාලාවකට අත්සන් තබා ඇති බව ද හෙතෙම පැවසීය.

උර්සුලා වොන් ඩර් ලේන් මහත්මියගේ මෙවර චීන සංචාරයෙන්, යුරෝපා කොමිසමට චීනය සහ චීන-යුරෝපා සංගම් සබඳතා පිළිබඳව වඩාත් පුළුල් සහ වෛෂයික අවබෝධයක් ලැබෙනු ඇති බව, චීන ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ යුරෝපා අධ්‍යයන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Cui Hongjian මහතා පැවසීය. එම සංචාරය දෙපාර්ශ්වයටම හිතකර සහ චීනය කෙරෙහි වඩාත් පුළුල් හා සාධාරණ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට යුරෝපා සංගමයට සහාය වනු ඇතැයි ද Cui Hongjian මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම