ඇමරිකානු ලක්ෂණයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටේ
2023-04-08 16:21:10
Share with:

ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂ සභිකයන් දෙදෙනෙක් Tennessee ප්‍රාන්ත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් පිටුවහල් කෙරෙති.

Tennessee ප්‍රාන්තය නියෝජනය කරන ඩිමොක්‍රටික් සභිකයෝ තිදෙනෙක් පසුගිය දා පැවති ප්‍රාන්ත පාර්ලිමේන්තු රැස්වීමේ දී තම ප්‍රදේශයේ පවතින තුවක්කු ප්‍රචණ්ඩත්වයට විරෝධතා දක්වමින්, ගිනිඅවි පාලනය කරන ලෙස ඉල්ලා සිටියහ.

කෙසේවෙතත්, රිපබ්රිකන් පක්ෂයේ ප්‍රධානත්වයෙන් යුතු Tennessee ප්‍රාන්ත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පසුගිය  6 වැනි දා, ඒ පිළිබඳ ඡන්ද විමසීමක් පැවැත්වීය. තුවක්කු පාලනය කරන ලෙස ඉල්ලා සිටි එම සභිකයන් තිදෙනා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම එහි අරමුණයි. කෙසේවෙතත් අවසානයේ, ඒ අතරින් දෙදෙනෙක් ඉවත් කරනු ලැබූහ.

ඇමරිකාවේ තුවක්කු ප්‍රචණ්ඩත්වය හා   වර්ගවාදය රැගෙන ආ දරුණු ප්‍රතිවිපාක එමගින් පිළිබිඹු කෙරේ. එසේ ම, ඇමරිකානු ලක්ෂණය සහිත ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම ද ඉන් තහවුරු වී ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම