ගෝලීය ආර්ථික ප්‍රගමනයට චීනය හා ඉන්දියාව ඉටුකරන කාර්යභාරයන් කැපීපෙනෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි
2023-04-08 16:24:14
Share with:

මෙම වසරේ ගෝලීය ආර්ථික ප්‍රගමනය වෙනුවෙන් චීනය හා ඉන්දියාව ඉටුකරන කාර්යභාරයන් කැපීපෙනෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ, පසුගිය 06 වැනි දා ඇමරිකාවේ වොෂිංන්ටන් හි පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ 2023  වසන්ත ඍතු රැස්වීමට එක්වෙමිනි.

මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධන වේගය 3%කට වඩා අඩු වනු ඇති බව Kristalina Georgieva මහත්මිය එහිදී පැවසුවාය. මෙම තත්ත්වය හමුවේ චීනය හා ඉන්දියාව වසරේ ගෝලීය ආර්ථික වර්ධනයෙන් අඩක් සපුරනු ඇතැයි ද ඇය පෙන්වාදෙයි. ලොව විවිධ රටවල් එක්සත් භාවයෙන් යුතුව ආදායම් වර්ධන පරතර අඩුකිරීමට පියවර ගත යුතු බව ද අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම