රජයේ ගොඩනැගිලිවලට සූර්ය පැනල සවිකිරීම කඩිනම් කෙරේ
2023-04-08 14:27:59
Share with:

රජයේ ගොඩනැගිලි සඳහා විදුලිය ලබාගැනීමට සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියට අදාළ තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය 90% ක් පමණ නිම කර ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, එම ක්‍රියාවලිය අප්‍රේල් 15 වන දා වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව යි. අනතුරුව වැඩසටහන කඩිනමින් ආරම්භ කෙරෙනු ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය ආධාරයක් ලැබීමට ද නියමිත ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම