නව කොරොනා වෛරසයේ මූලාරම්භය සෙවීමේ පර්යේෂණ මුල සිටම විද්‍යාත්මක ආකල්පයකින් සිදු කළ බව චීනය කියයි
2023-04-08 19:27:34
Share with:

නව කොරොනා වෛරසයේ මූලාරම්භය සෙවීමේ පර්යේෂණ, චීනය මුල සිටම විද්‍යාත්මක ආකල්පයකින් සිදු කළ බව අනාවරණය වේ.

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ අද(8) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ.

2019 වසර අවසානයේ නව කොරොනා වසංගතය පැතිරයාමේ සිට, වෛරසයේ මූලාරම්භය සෙවීම පිළිබඳ පර්යේෂණ චීනය අඛණ්ඩව සිදුකරමින් සිටින බව චීන රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Shen Hongbing මහතා එහිදී පැවසීය. චීන රජය සහ චීන විද්‍යාඥයන් සෑමවිටම විද්‍යාත්මක ආකල්පයකින් ක්‍රියාකරන අතර, නව කොරොනා වසංගතයට අදාළ දත්ත නිකුත් කිරීමේ දී විවෘත හා විනිවිද භාවය ආරක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කළේය.

බෙයිජිං රසායනික තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා ආයතනයේ පීඨාධිපති, මහාචාර්ය Tong Yigang මහතා පැවසුවේ නව කොරොනා වෛරසයේ නියම සම්භවය පැහැදිලි කිරීමට මෙතෙක් විද්‍යාත්මක පදනමක් නොමැති බවයි. චීන රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් පරීක්ෂා කෙරුණු චීනයේ Huanan මුහුදු ආහාර වෙළඳපොළේ සියලුම සත්ත්ව සාම්පල සෘණාත්මක ප්‍රතිඵල දැක්වූ බව ද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම