දරිද්‍රතාව පිටුදැකීම පිළිබඳ චීනයේ සාර්ථක අත්දැකීම් අධ්‍යයනය කළ යුතු බව මැලේසියානු අගමැතිවරයා කියයි
2023-04-08 16:42:44
Share with:

සෑමවිටම ඉතා අවංකව, අනෙකුත් රටවලට උදව් කිරීමට කැමැත්තෙන් සිටින චීනය, දිළිඳුකම පිටුදැකීමෙහිලා පෙර නොවූ විරූ සාර්ථකත්වයක් අත්කර ගෙන සිටින බවත්, චීනයේ එම අත්දැකීම් අධ්‍යයනය කිරීමට අපේක්ෂා කරන බවත්  මැලේසියානු අගමැති Anwar Ibrahim මහතා කියාසිටී.

මැලේසියානු අගමැතිවරයා මේ අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවේ දී ය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා“එක් තීරයක් එක් මාවතක්”මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යනාදී වශයෙන් සංකල්ප කිහිපයක් ඉදිරිපත් කර ඇත. ඒවා විග්‍රහ කරන ඔහු  පෙන්වා දෙන්නේ, ෂී ජින් පිං මහතා ‍ලෝකයේ ඉතා විශිෂ්ට නායකයෙකු බව යි.

චීනය මැලේසියාවේ වැදගත් අසල්වැසි රටක්, ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු මෙන්ම ප්‍රධාන ආයෝජන ප්‍රභවයක් ද වෙයි. අනාගතයේ දී චීනය සමඟ කෘෂිකර්මාන්තය, විද්‍යාව, ඩිජිටල් තාක්ෂණය සහ ආර්ථිකය යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා ව්‍යාප්ත කිරීමට මැලේසියාව සූදානම් බව ද Anwar Ibrahim මහතා එහිදී පැවසීය.

චීනයේ සංවර්ධනය සහ ශක්තිය කිසිදු රටකට තර්ජනයක් නොවේ. චීනයේ ශීඝ්‍ර ආර්ථික  සංවර්ධනයෙන් සහ චීනය සමඟ වෙළෙඳාමෙන් ප්‍රතිලාභ ලබාගැනීමට මැලේසියාව බලාපොරොත්තු වන බව ද අගමැතිවරයා පවසයි. තායිවාන ප්‍රදේශය චීනයට අයත් කොටසක් වන අතර, එකම චීනය මූලධර්මය මැලේසියාව සෑමවිටම පිළිගන්නා බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම