විදේශ විනිමය සංචිතය 20% කින් ඉහළට
2023-04-08 14:22:21
Share with:

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2023 මාර්තු මාසය තුළ 21.3% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, 2023 පෙබරවාරි මාසයේ  ඇමරිකානු ඩොලර් මිලියන 2,219 ක් ව පැවති නිල සංචිත වත්කම් වටිනාකම මාර්තු මාසය අවසාන වන විට ඩොලර් මිලියන 2,691 ක් දක්වා වැඩි වී ඇත.

මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය මාර්තු මාසය තුළ දී 20.3% කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර මහ බැංකුව සතු රන් සංචිතය ද මාර්තු මාසය තුළ දී ඩොලර් මිලියන 28 සිට ඩොලර් මිලියන 30 ක් දක්වා 7.8% කින් වර්ධනය වී ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම