මෙරට සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදය පළ වේ
2023-04-07 14:19:45
Share with:

මෙරට සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ලෝක බැංකු නියෝජිතයන් ප්‍රසාදය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන පිළිබඳව ලෝක බැංකු නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡා මාලාවේ අවසන් අදියරේ සාකච්ඡාවක දී ඔවුන් මේ බව පවසා ඇත. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව ඊයේ (06)  ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම,  රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම හා සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ක්‍රම වැනි පූර්ව ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර සහ ඊට අදාළ කාල රාමු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා ලෝක බැංකුව ලබා දෙන දායකත්වය  පැසසුමට ලක් කළ සාගල රත්නායක මහතා මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ඉදිරියේ දී ද සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බව පැවසීය. ලෝක බැංකුවේ මෙරට කළමනාකරු චියෝ කන්දා මහත්මිය ඇතුළු  නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම