රුසියා-බෙලරුසියා සන්ධාන රටවල් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක්
2023-04-07 11:10:40
Share with:

රුසියාවේ හා බෙලරුසියාවේ ජනාධිපතිවරු සන්ධාන රටවල් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාදාමය පිළිබඳව සාකච්ඡා පවත්වති.

රුසියා-බෙලරුසියා සන්ධාන රටවල උත්තරීතර රාජ්‍ය කටයුතු කොමිසමේ රැස්වීමක් ඊයේ(6) මොස්කව්හි ක්‍රෙම්ලින් මාලිගයේ දී පැවැත්විණ. 

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා හා බෙලරුසියානු ජනාධිපති Alexander Grigoryevich Lukashenko මහතා එම රැස්වීමට එක්වෙමින් ආර්ථික කටයුතු සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍රවල ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කළහ.

රුසියා බෙලරුසියා සන්ධාන රටවල් ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයන් ඒකාබද්ධ කිරීමේ දී කැපී පෙනෙන ජයග්‍රහණ ලබා ඇති බව රුසියානු ජනාධිපතිවරයා එහි දී පැවසීය. බලශක්ති ක්ෂේත්‍රය ඒකාබද්ධ කිරීම තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් වෙළඳපලේ ඒකීයත්වය ප්‍රවර්ධනය කිරීමටත්, ඒකාබද්ධ විදුලි බල වෙළඳපල පිළිබඳ ගිවිසුමකට එළඹීමටත් ඉදිරියේ දී දෙරට එක්ව කටයුතු කරනු ඇතැයි ඔහු ප්‍රකාශ කර ඇත.

ගෙවී ගිය වසර 27 තුළ රුසියාව සමග පැවති වෙළඳාමේ වටිනාකම  සියයට 450කින් පමණ වැඩි වී තිබෙන බව බෙලරුසියානු ජනාධිපතිවරයා පැවසීය. නිෂ්පාදන සහයෝගීතාව ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට පත්ව ඇති බවත් අදාළ ව්‍යාපාරවල සංඛ්‍යාව 8000ක් ඉක්මවා ගොස් ඇති බවත් ඔහු කියා සිටියේය.

දෙරටේ සුරක්ෂිතතාව, ජාතික ආරක්ෂාව හා යුධ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කරන බව ද පුටින් මහතා අවධාරණය කර ඇත.  

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම