චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය, "තායිවානයේ බෙදුම්වාදය" ප්‍රවර්ධනය කරන සංවිධානවලට එරෙහිව පියවර ගනී
2023-04-07 10:55:42
Share with:

"තායිවාන ප්‍රදේශයේ බෙදුම්වාදය" ප්‍රවර්ධනය කරන අදාළ සංවිධානවලට දඬුවම් විධිවිධාන පනවන බව  චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය ප්‍රකාශ කරයි.

තායිවාන ප්‍රදේශයේ "අපේක්ෂා පදනම" සහ "ආසියානු නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය", ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ බලධාරීන්ගේ පෙළඹවීම යටතේ, ‘ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ සහයෝගීතාවය’ ඇති කිරීමේ මුවාවෙන් ඊනියා "ශාස්ත්‍රීය හුවමාරු" සහ "සාකච්ඡා" හරහා, ජාත්‍යන්තරය තුළ "තායිවාන ප්‍රදේශයේ බෙදුම්වාදය" පිළිබඳ අදහස ප්‍රචාරය කර ඇත. එම ආයතන, චීන විරෝධී බලවේග සමග එක්ව "එක් චීනයක්, එක් තායිවානයක්" සහ "චීන දෙකක්" යන එකම චීනය මූලධර්මය උල්ලංඝනය කරන සිදුවීම් නිර්මාණය කර තිබේ. මෙම ආයතන දෙකට එරෙහිව දඬුවම් විධිවිධාන යොදා ගැනීමට චීන මහ ‍ගොඩබිම් පාර්ශ්වය තීරණය කර ඇති අතර, වගකිව යුතු පුද්ගලයින්ට චීන මහ ගොඩබිමට සහ හොංකොං හා මැකාවෝ විශේෂ පරිපාලන කලාපවලට ඇතුළුවීම තහනම් කර, චීන මහ ගොඩබිමේ අදාළ සංවිධාන සහ පුද්ගලයින් සමග සහයෝගයෙන් කටයුතු කිරීම ද තහනම් කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම