චීන මාධ්‍ය සමූහයේ “බෙයිජිං සිට පැරිස් දක්වා”වැඩසටහනට පැරිස් ඔලිම්පික් උළෙලේ සංවිධායකගෙන් පැසසුම්
2023-04-07 11:03:42
Share with:

පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සංවිධාන කමිටුවේ සභාපතිවරයා චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සුභපැතුම් පණිවුඩයක් යොමු කරයි.

චීන මාධ්‍ය සමූහය “බෙයිජිං සිට පැරිස් දක්වා”නමින් සංකලන මාධ්‍ය වැඩසටහන් ආරම්භ කර තිබේ. 2024 පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සංවිධාන කමිටුවේ සභාපති Tony Estanguet මහතා චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා වෙත ඒ පිළිබඳව ප්‍රශංසා කරමින් සුබ පැතුම් පළ කළේය. “බෙයිජිං සිට පැරිස් දක්වා”නමින් සංකලන මාධ්‍ය වැඩසටහන රූපවාහිනී, ගුවන් විදුලි හා නව මාධ්‍ය ඇතුළු විවිධාකාර මාධ්‍ය ඔස්සේ විකාශනය කෙරේ. ඔලිම්පික් උළෙල යළි පැරිස් නගරයට පැමිණීමේ 100 වැනි සංවත්සරය සැමරීම සඳහා එය ප්‍රබල සංදර්ශන වේදිකාවක් බවට පත් වන බව Tony Estanguet මහතා එම සුභ පැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත.

එම වැඩසටහන් මගින් ඔලිම්පික් ක්‍රීඩාවන් බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සිට පැරිස් ඔලිම්පික් උළෙල දක්වා පැතිර යාම සම්පූර්ණයෙන්ම සටහන් කෙරේ. චීන මාධ්‍ය සමූහයේ රූපවාහිනී, ගුවන් විදුලි හා නව මාධ්‍ය මගින් සමන්විත සියළු වේදිකා ඒ පිළිබඳව වාර්තාකරණය කරමින් චීන හා විදෙස් ක්‍රීඩකයන් පැරිස් ඔලිම්පික් උළෙල හා පැරාලිම්පික් උළෙල වෙනුවෙන් සූදානම් කිරීම හා උත්සාහ දැරීමේ කතන්දර එම වැඩසටහන් ඔස්සේ සටහන් කෙරේ.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම