ඇමරිකාවේ සයිබර් සොරකම් ගෝලීය සයිබර් අවකාශයට ඇති විශාලම තර්ජනයක් බව චීනය කියයි
2023-04-07 17:27:25
Share with:

ඇමරිකාවේ සයිබර් සොරකම් ගෝලීය සයිබර් අවකාශයට ඇති විශාලම තර්ජනයක් බව චීනය පවසයි.

ඇමරිකානු රජය ඔත්තු බැලීමේ මෘදුකාංග භාවිත කිරීම පිළිබඳව ඇමරිකානු මාධ්‍යයන් හි පළ වූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (07) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළාය.

ඇමරිකාව ලෝකයට එරෙහිව සයිබර් සොරකම් නතර කර, සියලු ආකාරයේ ව්‍යාජ තොරතුරුවලින් ජනතාව ව්‍යාකූල කිරීම නතර කළ යුතු බව Mao Ning මහත්මිය එහිදී කියාසිටියාය.

ඇමරිකානු රජය 2021 වසරේ දී තෙවන පාර්ශ්වීය සමාගමක් මගින් ඊශ්‍රායල ඔත්තු මෘදුකාංග සමාගමක් වන NSO සමඟ රහස් කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ බව ඇමරිකානු The New York Times පුවත්පත පසුගිය දා වාර්තා කළේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම