චීන අග්‍රාමාත්‍යවරයා යුරෝපා කොමිසමේ සභාපතිනිය හමුවෙයි
2023-04-07 10:11:33
Share with:

චීන අගමැති ලී ච්‍යං මහතා යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය ඊයේ(6)බෙයිජිං හි දී හමුවිය.

චීනය සෑම විටම යුරෝපා සංගමය සමඟ සබඳතා වර්ධනය කර ඇත්තේ යුරෝපීය ඒකාබද්ධතාවයට සහ උපායමාර්ගික ස්වාධීනත්වයට සහාය දෙමින් දිගුකාලීන ඉදිරි දර්ශනයකින් බව ලී ච්‍යං මහතා පැවසීය. දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය ගෞරවය සහ ජයග්‍රාහී සහයෝගීතාව තහවුරු කළ යුතු අතර, ලෝක සාමය සහ සමෘද්ධිය සඳහා වැඩි විශ්වාසයක් සහ ජවයක් එක් කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

චීනය යුරෝපා සංගමයට ඉතා වැදගත් බවත් දෙපාර්ශ්වයේ අවශ්‍යතා සමීපව බැඳී ඇති බවත් von der Leyen මහත්මිය පැවසුවාය.

ඉහළ මට්ටමේ ආර්ථික හා වෙළඳ සංවාදය ශක්තිමත් කිරීම, ආර්ථිකය සහ වෙළඳාම, ආහාර, සෞඛ්‍ය සේවා, හරිත සංවර්ධනය සහ බුද්ධිමය දේපල ආරක්ෂාව වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කිරීමට යුරෝපා සංගමය චීනය සමඟ කටයුතු කිරීමට සූදානම් බව ද ඇය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම