TikTok තහනම ඔස්ට්‍රේලියාවේ ජාතික සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට උපකාරී නොවනු ඇතැයි චීනය කියයි
2023-04-07 15:04:49
Share with:

ඔස්ට්‍රේලියානු රජය, TikTok  මාධ්‍යය අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවලින් වෙනස් කොට සැලකීම සහ සීමා කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම එරට ජාතික සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට උපකාරී නොවනු ඇතැයි චීනය කියාසිටී.

චීනයේ වාණිජ අමාත්‍යාංශයේ ඇමරිකානු සහ අත්ලාන්තික් කලාපීය කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා මේ බව පැවසුවේ ඔස්ට්‍රේලියානු රාජ්‍ය අංශයේ උපාංගයන් හි TikTok සමාජ මාධ්‍යය භාවිත කිරීම එරට රජය විසින් තහනම් කිරීම පිළිබඳව වාර්තාකරුවෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙවැනි ක්‍රියාමාර්ගවලින් ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික පරිසරය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය මෙන්ම සමාගම් සහ පුද්ගල අවශ්‍යතා  පලුදු කෙරෙන බවත් ඔහු පෙන්වාදෙයි.

වෙළඳපොළ මූලධර්ම මෙන්ම ජාත්‍යන්තර ආර්ථික සහ වෙළඳ නීතිවලට අනුකූලව ජාත්‍යන්තර මෙහෙයුම් සිදුකිරීමටත්, සත්කාරක රටේ නීති සහ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීමටත් චීන රජය සෑම විටම තම ව්‍යවසායන් දිරිමත් කරයි. සියලු සමාගම්වලට සාධාරණ ව සලකමින්, විවෘත, විනිවිද භාවයෙන් යුතු සහ වෙනස් කොට සැලකීම්වලින් තොර  ව්‍යාපාරික පරිසරයක් සපයන ලෙස චීනය ඔස්ට්‍රේලියානු පාර්ශ්වයෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම