චීන -ප්‍රංශ ජනපතිවරුන්ගේ නොනිල හමුවක්
2023-04-07 20:10:32
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් යන මහත්වරු නිල නොවන ලෙස හමුවෙති. හමුව 7වැනිදා පස්වරුවේ Guangzhou හි දී සිදුවිය. 


චීන ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ, සෑම අයුරකින්ම චීන අනන්‍යතාවයෙන් යුතු නවීකරණයක් අනුගමනය කරන චීනය, තම අනාගත සංවර්ධනය පිළිබඳව පූර්ණ විශ්වාසයකින් පසුවන බවයි. චීන වෙළඳපොළ තවදුරටත් පුළුල් කිරීම සඳහා කැන්ටන් ප්‍රදර්ශනය සහ ෂැංහයි ආනයන හා අපනයන ප්‍රදර්ශනය සඳහා සක්‍රිය අයුරින් සහභාගි වීමට ප්‍රංශ පාර්ශ්වය සාදරයෙන් පිළිගන්නා බව ද ඔහු පැවසීය.

හැකි ඉක්මණින් රුසියානු -යුක්රේන යුද්ධය නැවැත්වීම අදාළ සියලු පාර්ශවයන්ගේ සහ සමස්ත ලෝකයේම අවශ්‍යතාවක් වන අතර  අර්බුදයට දේශපාලන විසඳුමක් සඳහා ප්‍රංශ පාර්ශ්වය නිශ්චිත යෝජනාවක්  ඉදිරිපත් කළහොත් චීනය ඊට සහාය වීමටත්, එහිදී කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කිරීමටත් කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය .

අර්බුදය නිරාකරණය සඳහා වන කඩිනම් දේශපාලන විසඳුමක් උදෙසා චීන පාර්ශවය සමඟ එක්ව, සමීපව සන්නිවේදනයක් පවත්වා ගනිමින් සහයෝගයෙන් කටයුතු කිරීම තම අපේක්ෂාව බව ද එම්මානුවෙල් මැක්‍රොන් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම