“තායිවාන ස්වාධීනත්ව”කුමන්ත්‍රණය වෙනුවෙන් පෙනී සිටින Xiao Meiqin ට එරෙහිව සම්බාධක පැනවේ
2023-04-07 11:26:59
Share with:

“තායිවාන ස්වාධීනත්ව”කුමන්ත්‍රණය වෙනුවෙන් පෙනී සිටින Xiao Meiqin (Bi-khim Hsiao) ට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කළ බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය ප්‍රකාශ කරයි. 

එම කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය අද(7) මේ පිළිබඳ විශේෂ නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.

ඇමරිකාවේ බලය භාවිත කරමින් “තායිවාන ස්වාධීනත්ව”කුමන්ත්‍රණය වෙනුවෙන් ස්ථීර ලෙස පෙනී සිටින Xiao Meiqin තායිවාන සමුද්‍ර සන්ධි දෙපස එකිනෙකා අතර ගැටුම් නිර්මාණය කිරීමටත් එම ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය විනාශ කිරීමටත් උත්සාහ කර ඇත.

Xiao Meiqin වෙත තවදුරටත් සම්බාධක පැනවීමට චීන මහ ගොඩබිම් පාර්ශ්වය තීරණය කර ඇත. ඒ අනුව ඇය හා ඇයගේ පවුලේ සාමාජිකයන්ට චීන මහ ගොඩබිමට, හොංකොං හා මැකෞ විශේෂ පරිපාලන කලාපයන්ට ඇතුළු වීම තහනම් කෙරේ. එමෙන්ම ඇයට මුල්‍යාධාර සපයන ආධාරකරුවන්ට හා ව්‍යවසායකයන්ට චීන මහ ගොඩබිමේ ආයතන, පුද්ගලයින් සමග සහයෝගීතා පැවැත්වීම තහනම් කරන බවත් නීතියට අනුව අවශ්‍ය සියළුම දඬුවම් විධිවිධාන පනවමින්, ඇයගේ ජීවිත කාලය පුරාවටම ඊට වගකිව යුතු බවත් Zhu Fenglian මහත්මිය සඳහන් කළාය.   

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම