මැදපෙරදිග ගැටලු පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත Zhai Jun මහතා, විශේෂ ආරාධනාවක් අනුව චීනයේ සිටින අරාබි රටවල තානාපතිවරුන් හා නියෝජිතයන් ඒකාබද්ධව හමුවෙයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (07) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ඒ පිළිබඳ තොරතුරු අනාවරණය කළාය.
Zhai Jun මහතා සහ චීනයේ අරාබි රටවල තානාපතිවරුන් හා නියෝජිතයන් අතර හමුව අද (7) උදෑසන පැවැත්විණ. ඊශ්‍රායලය, පලස්තීනය සහ ලෙබනනය අතර උත්සන්න වූ ගැටුම සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය Zhai Jun මහතා එහිදී පැහැදිලි කර ඇතැයි ද Mao Ning මහත්මිය පැවසුවාය.
උපරිම සන්සුන් තත්ත්වයක් පවත්වාගෙන යන ලෙසත්, ගැටුම් අවුළුවන සියලු ක්‍රියාවලින් වළකින ලෙසත් චීනය අදාළ පාර්ශ්වයන්ගෙන්, විශේෂයෙන් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින බව Zhai Jun මහතා පවසා ඇත.