ශ්‍රී ලංකාව ජගත් කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට එක්වෙයි
2023-04-07 14:03:27
Share with:

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට තෝරාගැනේ.

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ සාමාජිකයන් විසින්, 2024 සිට 2028 දක්වා සිව් අවුරුදු කාලයක් සඳහා ශ්‍රී ලංකාව එම කොමිසමට තෝරාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියාසිටී.

කාන්තාවන්ගේ අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ දිගුකාලීන සම්ප්‍රදාය සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ වෙනස්කම් කිරීම් තුරන් කිරීම සඳහා වන කැපවීම කෙරෙහි අවධානය යොමුකරමින් ශ්‍රී ලංකාව ඒ සඳහා තෝරාගනු ලැබ ඇත.

බංග්ලාදේශය, බෙල්ජියම, බොලීවියාව, කොලොම්බියාව, රුමේනියාව සහ නෙදර්ලන්තය මෙවර එම කොමිසමට එක්වන සෙසු රටවල් බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

1946 දී පිහිටුවන ලද මෙම කාන්තා කොමිසම සාමාජික රටවල් 45 කින් සමන්විත වන අතර, එය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පමණක් කැප වූ, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අන්තර් රාජ්‍ය ආයතනය ද වෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම