ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චීනයට බලපෑම් කිරීමට හේතුවී ඇත්තේ චීනයේ වර්ධනය කෙරෙහි ඇති නොකැමැත්තයි
2023-04-07 10:03:34
Share with:

ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චීනයට බලපෑම් කිරීමට හේතුවී ඇත්තේ වෙළඳපොළ කරුණක් බව පැහැදිලිය. චීනයේ වර්ධනය කෙරෙහි ඔවුන් තුළ ඇති නොකැමැත්ත පමණක් ඉන් පිළිබිඹු වන බව නෙත් එෆ් එම් ගුවන්විදුලියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශ්‍රී ලංකා - චීන තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයේ උප සභාපති පරිසරවේදී නුවන් ලියන‍ගේ මහතා සඳහන් කරයි. ඇමරිකාව ලෝක වෙළඳපොළේ පහළට පැමිණෙමින් සිටින අතර චීනය ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙමින් සිටී. එක් තීරයක් එක් මාවතක් වැඩසටහන ඔස්සේ චීනය සෙසු රටවල් සමග සබඳතා දියුණුකර ගැනීම තුළ ඇත්තේ එම ස්ථාවරභාවය යැයි නුවන් ලියනගේ මහතා පවසයි. චීනය ලෝකයේ වැඩිම ජනගහණයක් සිටින රටයි. විශාලතම රටක් වන විට, බලගතුම ආර්ථිකයක් තිබෙන විට, සෙසු රටවලට සාපේක්ෂව යුධ ශක්තිය, සංග්‍රාම ශක්තිය අතින් ශක්තිමත් වීමේ දී ඇතැම් පාර්ශ්ව තැතිගැනීම සාමාන්‍ය දෙයකි. කාලයක් ලෝක බලවතුන් ලෙස සිටි ඇමරිකාව අතුළු බලවේගයන්හි ශක්තිය අහිමි වීමේ මනෝ විලාපයක් ලෙසට ඔවුන්ගේ මෙම බලපෑම් තමා දකින බව හෙතෙම කියා සිටී. බටහිර රටවල් චීනයේ දියුණුවට  සිදුකරන බාධා කිරීමේහී ස්වභාවය තුළින් මේ බව වටහා ගත හැකිය. එම ප්‍රයත්නයන් හී ආසාර්ථකත්වයන් නිරන්තරයෙන්ම දක්නට ඇත. වත්මන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයට ශක්තිමත් නායකත්වයක් ලබා දෙමින් සිටින බව ද නුවන් ලියන‍ගේ මහතා සඳහන් කරයි. එය චීනයේ දියුණුවට විශාල පිටුවහලක් මෙන්ම චීනය සමග සබඳතා පවත්වන සෙසු රටවලට ද යහපත් තත්වයක් බව හෙතෙම පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම