චීනයේ ඉහළ පෙළේ නීති සම්පාදකයා සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර හමුවක්
2023-04-07 11:03:21
Share with:

චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා ඊයේ(06) බෙයිජිංහි දී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා හමුවිය. චීනයේ සහ ප්‍රංශයේ ව්‍යවස්ථාදායකයන්හි අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, සංස්කෘතික සහයෝගීතාවයන් ප්‍රවර්ධනය කිරීමට සහ චීන-ප්‍රංශ සබඳතාවල දී මහජන සහභාගීත්වය තහවුරු කිරීමට ස්ථීර සහ ශක්තිමත් හුවමාරු යාන්ත්‍රණයක් භාවිත කළ යුතු බව Zhao Leji මහතා එහි දී පැවසීය.

ද්විපාර්ශ්වික සබඳතාවල යහපත් ප්‍රවණතාවය අගය කරන බවත් චීනය සමඟ ස්වාධීනව සබඳතා වර්ධනය කර ගැනීමට ප්‍රංශය අඛණ්ඩව කැපවී සිටින බවත් ප්‍රංශ ජනාධිපතිවරයා කියා සිටියේය. එමෙන්ම දෙරටේ ආර්ථිකය, වෙළඳාම, සංස්කෘතිය සහ ව්‍යවස්ථාදායකයන් අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම ප්‍රකාශ ක‍ළේය.

අනතුරුව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ද ප්‍රංශ ජනාධිපතිවරයා හමු විය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම