ෆාෂියන් පුණ්‍ය භාරය වැඩසටහන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හා චීන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්
2023-04-07 19:24:01
Share with:

ෆාෂියන් පුණ්‍ය භාරය වැඩසටහන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා මෙරට චීන තානාපති චී චෙන් හොන්ග් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. පසුගිය 05 වැනි දා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවති එම වැඩසටහනේ දී ඔවුහු චීන බෞද්ධ සංගමය විසින් එක්රැස් කෙරුණු ආහාර තොග සිංහල-දෙමළ අලුත් අවුරුද්ද එළඹීමට පෙර අඩුආදායම්ලාභී ජනතාවට ප්‍රදානය කළහ.

චී චෙන් හොන්ග් තානාපතිවරයා එහිදී සඳහන් කළේ, චීනය හා ශ්‍රී ලංකාව අතර මිතුදම වසර 2000 කට වැඩි අතීතයකට දිවෙන බවයි. චීනය ශ්‍රී ලංකාවේ විශ්වසනීයම මිතුරා හා හවුල්කරුවා ය.  ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ ප්‍රගමනය වෙනුවෙන් උපරිම සහාය ලබා දීමට චීනය සූදානම් බව ද හෙතෙම කියා සිටී.

දැඩි අසීරුතාවන්ට මුහුණ පෑ අවස්ථාවල දී පවා චීනය, ශ්‍රී ලංකාව සමග මනා මිතුරු සබඳතාවක් පවත්වාගෙන යන බව දි‍නේෂ් ගුණවර්ධන මහතා එහිදී පෙන්වා දුන්නේය. අභියෝග හමුවේ දෙරට මිත්‍රත්වය සැබවින් ම කැපී පෙනේ. අඩුආදායම්ලාභීන් ට ආහාර තොග පිරිනැමීම සම්බන්ධයෙන් හෙතෙම ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙනුවෙන් චීනයට කෘතඥතාව පළ කළේ ය.



ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම