වරක් භාවිතයෙන් ඉවතලන භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක්
2023-04-07 15:13:23
Share with:

එක්වරක් පමණක් භාවිත කර ඉවතලන භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ප්ලාස්ටික්වලින් තැනූ බීම බට , පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ ප්ලාස්ටික් පිහි ආදිය ඊට ඇතුළත් ය.

මෙම තහනම ජුනි පළමුවනදා සිට ක්‍රියාත්මකයි.

දිනකට පරිසරයට එකතුවන ඉවතලන ප්ලාස්ටික් තොගය හා ඉන් ඇතිවන පරිසර හානිය පිටුදැකීම සඳහා නීති ගෙන ඒමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත. පරිසර හානිය වළක්වන අතරම, අත්‍යවශ්‍ය නොවන දෑ ආනයනය සදහා වැයවන විදේශ විනිමය ඉතිරි කරගැනීම ද රජයේ අරමුණකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම