ඇමරිකානු Hudson ආයතනය, Ronald Reagan ජනාධිපති පුස්තකාලය හා එහි ප්‍රධානීන්ට එරෙහිව චීනයෙන් ප්‍රතිසම්බාධක
2023-04-07 17:40:27
Share with:

ඇමරිකානු ආයතන කිහිපයක් හා එහි ප්‍රධානීන්ට එරෙහිව ප්‍රතිසම්බාධක පනවන බව චීනය කියාසිටී. Hudson ආයතනය, Ronald Reagan ජනාධිපති පුස්තකාලය හා එහි ප්‍රධානීන් ඊට ඇතුළත් බව, චීන විදේශ අමාත්‍යංශය නිවේදනය කර ඇත. එම සම්බාධක අද (07) සිට බලපැවැත්වෙයි.

චීනයේ දැඩි විරෝධතා නොතකා පසුගිය මාර්තු 29 - 31වැනි දා දක්වාත්, පසුගිය 4 - 6 වැනි දා දක්වාත් ඇමරිකාව හරහා සංචාරය කරමින් දේශපාලනික මෙහෙයුම්වල නිරත වීම සඳහා, තායිවාන ප්‍රදේශ නායිකා Tsai Ing-wen ට ඇමරිකාව සහාය දැක්වීය. මෙය චීන ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව දැඩි උල්ලංඝනය කිරීමකි. මේ හේතුවෙන්, ‘විදේශ රටවලට එරෙහිව සම්බාධක පැනවීමේ චීන මහජන සමූහාණ්ඩු නීතිය’ට අනුකූලව, අදාළ සම්බාධක පැනවීම සිදු කර තිබේ.

මේ අනුව, චීනයේ විශ්වවිද්‍යාල, ආයතන හා පුද්ගලයන් එම ඇමරිකානු ආයතන දෙක සමග අදහස් හුවමාරුව හා සහයෝගිතා පැවැත්වීම කෙරෙහි දැඩි සීමා පැනවෙනු ඇත.

Hudson ආයතනයේ භාරකාර මණ්ඩල සභාපතිනි Sarah May Stern ඇතුළු පුද්ගලයන් සිවුදෙනෙකුගේ චීනයේ චංචල දේපළ, නිශ්චල දේපළ හා සෙසු වර්ගවල දේපළ හිමිකම් අත්හිටුවීම හා ඔවුන්ට වීසා බලපත්‍ර නිකුත් නොකිරීම ද සම්බාධකවලට ඇතුළත් ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම