චීන ජනපති සහ යුරෝපා කොමිසමේ සභාපතිනි අතර හමුවක්
2023-04-06 23:43:08
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය හමුවෙයි. එම හමුව අද(6) පස්වරුවේ බෙයිජිං හි මහජන මහ ශාලාවේදී සිදුවිය.

චීන-යුරෝපා සංගම් සබඳතාවන්හි ඉහළ මට්ටමක වර්ධනයක් සාක්ෂාත් කරගැනීම සඳහා යුරෝපා සංගමය සමඟ සමීප සම්බන්ධයක් පවත්වා ගනිමින්, අන්‍යොන්‍ය  යහපත සහ ජයග්‍රාහී සහයෝගිතාව කෙරෙහි අවධානය යොමුකිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා එම හමුවේදී පැවසීය.

චීනය සහ යුරෝපා සංගමය මතභේද පාලනය කර, එකිනෙකාට ගරු කළ යුතුය. යුරෝපා කොමිසම තම මූලික හා දිගුකාලීන අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන අතර, චීන-යුරෝපා සංගම් සබඳතාවල විධිමත් හා ස්ථාවර වර්ධනය සඳහා ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

චීනය සමඟ හුවමාරු සහ සංවාද ශක්තිමත් කිරීමටත්, අන්‍යොන්‍ය වාසිදායක සහයෝගිතා පැවැත්වීමටත් යුරෝපා සංගමය බලාපොරොත්තු වන බව උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය එහිදී පැවසුවාය.

චීන මහජන සමූහාණ්ඩු රජය, සමස්ත චීනය නියෝජනය කරන එකම නීත්‍යනුකූල රජය බව යුරෝපා සංගමය පිළිගන්නා අතර, චීනයේ තායිවාන සමුද්‍ර සන්ධි කලාපයේ සාමය හා ස්ථාවරත්වය පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇය තවදුරටත්  ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240510සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම