Tsai Ing-wen ඇමරිකාව හරහා සංචාරය කිරීම පිළිබඳව චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශය සිය ප්‍රතිචාරය දක්වයි
2023-04-06 10:03:20
Share with:

Tsai Ing-wen ඇමරිකාව හරහා සංචාරය කිරීම පිළිබඳව චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකයා ප්‍රතිචාර දක්වයි. තායිවාන ප්‍රශ්නය පිළිබඳව චීන පාර්ශ්වයට දුන් බැරෑරුම් දේශපාලන පොරොන්දුව පිළිපදිමින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට සිදු කරන මැදිහත්වීම් නතර කරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලීමක් කරන බව ඔහු පැවසීය. ඇමරිකාව, චීනයේ තායිවාන ප්‍රදේශය සමග පවතින ‘නිල හුවමාරු’ හා එම සම්බන්ධතාවයන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම වහාම නවතා දැමිය යුතුය. ඇමරිකාව එකම චීනය මූලධර්මයේ අන්තර්ගතය ශුන්‍ය කිරීමට උත්සාහ නොකරන්නැයි චීනය ඉල්ලීමක් කර ඇත. 

රටේ ස්වාධිපත්‍යය හා ‍‍භෞමික අඛණ්ඩතාවය ස්ථිරව ආරක්ෂා කිරීමටත් තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමටත්, චීන මහජන විමුක්ති හමුදාව ඕනෑම වේලාවක ඉහළ අවධානයකින් සිටින බව ද ඔහු ප්‍රකාශ කර ඇත. 


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම