චීන බෞද්ධ ජනතාවගෙන් වියළි ආහාර
2023-04-06 13:54:26
Share with:

ආර්ථික අපහසුතා සහිත මෙරට පවුල් සඳහා චීන බෞද්ධ ජනතාව පිරිනැමූ වියළි ආහාර තොගයක් අඩුආදායම්ලාභී පවුල් 650 කට බෙදා දී ඇත. මෙම ප්‍රදානය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී ඊයේ (05) සිදුකෙරිණ. ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන් හොන්ග් මහතා ද මීට සහභාගි විය.

ෆාෂියන් පුණ්‍ය භාරය සහ චීන බෞද්ධ විහාරස්ථානය මෙම වියළි ආහාර තොගය මෙරටට එවීමට මූලිකත්වය ගෙන තිබේ. ගංගාරාම විහාරස්ථානය මගින් ක්‍රියාත්මක අඩුආදායම්ලාභීන් 2300 කට පමණ පිරිසකට දිනපතා පෝෂ්‍යදායී ආහාර වේලක් පිරිනැමීමේ වැඩසටහන නිරීක්ෂණය කිරීමට ද අග්‍රාමාත්‍යවරයා සහ තානාපතිවරයා එක්වූහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම